අවශ්‍ය ද්‍රව්‍යය 

පාන් පිටි 500g
කෑලි මිරිස් මේස හැඳි 4 
කහ මේස 1/4 
ලුණු මේස හැඳි 1/2
කරපිංචා 
කපාගත් ලූනු 
කොච්චි


පිළියෙල කර ගන්නා ආකාරය


  • පාන් පිටි වලට කෑලි මිරිස් කහ ලූනු කර්පිංචා ලුණු කොච්චි දමා හොඳින් කලවම් කරගන්න
  • කුඩා භාජනයක් ගෙන  යීස්ට් මේස හැඳි 1/2 දමා  අඩු රස්නෙ උණු වතුර  එක්කර විනාඩි දහයක් තබා තබාගන්න
  • විනාඩි දහයක් තැබූ පසු ඒ වතුර පිටි මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න
  • කලවම් කිරීමේදී අතේ නොගෑවෙන සේ වතුර ස්වල්පය බැගින් එකතු කරන්න
  • අවශ්‍ය නම් ඊට තෙල් සොයා ස්වල්පයක් ද එකතු කරන්න
  • දැන් හොදින් කලවම් කරන්න
  • අනාගත් මිශ්‍රණය පැය 1 1/2 පමණ තබා ගන්න
  • ඉන්පසුව මිශ්‍රණයෙන් කුඩා ස්වල්පයක් ගෙන වඩේ එක හැඩයට සකසා ගන්න 
  • ඉන්පසු තෙල් භාජනයක් ලිප මත තබා රත් වූ පසු වඩේ එකෙන්  එක බැදගන්න


වැඩිදුර විස්තර


Comments