විනාඩි දහයෙන් රසම රස පෑන් කේක් එකක් හදමු





අවශ්‍ය ද්‍රව්‍ය 

පාන් පිටි 250g  
පොල් කිරි හෝ වතුර 170ml  
බිත්තරයක් හෝ තෙල් මේස හැන්දක් 
කහකුඩු  
සීනි  1/4
පොල් බෑයක පොල් 
එනසාල් ඇට 4 
ලුණු ස්වල්පයක්



පොල් පැණි සකසා ගන්නා ආකාරය 

පෑන් එක ලිප මත තබා සීනි කෝප්ප භාගයක් දමා ගන්න. එය  හොඳින් කලවම් කරන්න. ටික වෙලාවක් ලිපේ තබා සීනි දිය වීමට ගත් පසු හොඳින් මිශ්‍රණය කරන්න. දැන් ලිපේ ගින්දර අඩු කරන්න සීනි හොදින් දිය වූ පසු උණු වතුර මේස හැඳි දෙකක්  එකතු කර කලවම් කරන්න.  කළවම් වූ පසු භාජනය ලිපෙන් බාගන්න. ඉන්පසු නිමෙන්න තවත් භාජනයකට දමා තියන්න.


පිටි මිශ්‍රණය සකසා ගන්නා ආකාරය 

භාජනයකට පාන් පිටි දමා එයට බිත්තරයක් කඩා දමා ගන්න. බිත්තර නොමැති නම් බටර් හෝ තෙල් ස්වල්පයක් එක්තු කර ගන්න. ඉන් පසුව ලුණු තේ හැඳි භාගයක් කහ ස්වල්පයක් දමා පොල්කිරි ද එකතු කර හොඳින් බැටරිය සාදාගන්න. බැටරයේ කෑලි ඇත්නම් හොඳින් පෙරා ගන්න. දැන් ඔබට උකු   බැටරයක් ලැබී ඇත.  ඉන්පසුව පෑන් එක ලිප මත තබා පාන් පිටි බැටර යෙන් හැන්දක් ගෙන පෑන් එකට තබා තවරාගන්න. එය හොඳින් තැම්බුන පසු දෙපැත්ත මාරු කර ටික වෙලාවකින් බාගන්න. ඉන්පසු එයට සකසා ගත් පොල් පැණි මිශ්‍රණයෙන් ස්වල්පයක් දමා පෑන්කේක් ආකාරයට නවාගන්න.දැන් ඔබට පෑන් කේකේක් රස විදිය හැකිය 

Comments

Post a Comment