පොඩ්ඩන් කැමති අල රෝල්ස් විනාඩි දහයෙන්


කැමති වෙලාවට ලොකු පොඩි හැමෝටම රසවිදිය හැකි අපුරු කෑමක් ඔබත්  අදම සාදා රස බලන්න 


අවශ්‍ය ද්‍රව්‍ය =

  •      තම්බාගත් අල 300 g 
  •      කපාගත් ලුණු ගෙඩි 1
  •      කරපිංචා 
  •      අමු මිරිස් 
  •      එනසල් 
  •      කරාබු නැටි 2
  •      කුරුදු පොතු 
  •      කැලි මිරිස් 
  •      අමු තුනපහ 
  •      ලුණු අවශ්‍ය ප්‍රමාණයට 
  •      පොල්තෙල් 
  •      පාන් පිටි මේස හැදී 2 
  •      හාල් පිටි මේස හැදී 2
  •      පාන් කුඩු 
     
 පිළියෙල කර ගන්නා  ආකාරය = 
 මුලින්ම අල හොදට සෝදා තම්බා ගන්න.තම්බා ගත අල පොඩි කර ගන්න.අල තම්බා ගන්න විට ලුණු සහ කහ ස්වල්පයක් එක් කරන්න.පොඩි කරගත් අල පැත්තකින් තබා බාජනයක්  ලිප මත තබා තෙල් ටිකක් එකතු කරන්න.තෙල් රත් වූ පසු කපාගත් ලුණු ,කරපිංචා,අමු මිරිස් ,තලාගත් එනසල්,කරාබු නැටි,කුරුදු පොතු එකතු කර තෙම්පරාදු කරන්න. පසුව ලිපේ ගින්දර අඩු කර මිරිස් කුඩු,කැලි මිරිස් රස අනුව එක් කරන්න.දැන් අල එකතු කර හොදින් කලවම් කරන්න.ටිකක් නිවූ පසු පාන් පිටි මේස හැදී 2ක් හා හාල් පිටි එකතු කර හොදින් කලවම් කර අතේ ඇලෙන ප්‍රමාණයට සකසා ගන්න.දැන් එකම ප්‍රමාණයට බෝල සාදා රෝල්ස් ආකාරයට නවා සාදා ගන්න.පසුව පාන් පිටි බැටරය සකසා ගනිමු.

බැටරය සාදා ගන්න ආකාරය =                                 
පාන් පිටි 500g ගෙන වතුර ස්වල්පයක් දමා උකුවට බැටර්  එක සාදා ගන්න.
  
බැටරය  සාදා ගත් පසු සාදා ගත් රෝල්ස් බටර් එකෙහි හොදින් පොගවා ගන්න.දැන් පාන් කුඩු වල හොදින් අතුරා තෙලට දමා ගින්දර අඩු කර හොදින් බැද ගන්න.




Comments

Post a Comment