තේ බොන වෙලාවට කන්න රසම රස ගෙමාත්

                 ගෙමාත්  රෙසෙපිය

අවශ්‍ය ද්‍රව්‍ය =

  •     පාන් පිටි 500g
  •    යීස්ට් මේස හැදී 1
  •     කිරි පිටි මේස හැදී 1
  •     ලුණු 
  •      පොල් තෙල් 
  •      සීනි 250g 


පිළියෙළ කර ගන්නා  ආකාරය =  

  බාජනයක් ගෙන එයට පිටි,ලුණු,යිස්ට් උණු වතුරෙන් අතේ නොගැවෙන සේ හොදින් කලවම් කරන්න.පසුව පොල් තෙල් ස්වල්පයක් දමා අතේ නොගැවෙන සේ පිටි බෝලයක් සාදා ගන්න.දැන් එය හොදින් වසා පැය 1.30 කාලයක් තබන්න.දැන් ඔබේ පිටි බෝලය හොදින් පිපී උඩට ඇවිත් තිබෙන බව ඔබට බලාගත හැකිය.දැන් ලිප මත තාච්චියක් තබා පොල් තෙල් රත් වූ පසු පිටි බෝල කුඩාවට කඩා තෙල් තාච්චියට දමන්න.දැන් ලිපේ ගින්දර අඩු කර රන්වන් පාට වන තුරු බැදගන්න.දැන් නැවත බාජනයක් ලිප මත තබා රත් වූ පසු සිනි දමා එයට වතුර කෝප්ප1.5 දමා රන්වන් පාට වනතුරු රත් කරගන්න.දැන් ලිප නිවා බැදගත් බෝල පැණි එකට දමා හොදින් කලවම් කරන්න.



                                                  

Comments

Post a Comment