අවශ්‍ය ද්‍රව්‍ය 
  • සීනි 200g 
  • පාන් පිටි  100g 
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2
  •  රට ඉඳි 
  •  වැනිලා
  •  එනසාල් / දුරු  
  • බිත්තර 1
පොල් කේක් මිශ්‍රණය සාදන ආකාරය

 මුලින්ම සීනි ටික තද පාරට කැරමල් කරගන්න.  වතුර කෝප්ප එකහමාරක් එක්තුකර කරගන්න. ඉන්පසුව සීනි ටික එකතු කර කරගන්න පැණි ගතියට ආපසු පොල් ටික එක්කර ගන්න. හොඳින් කලවම් කරන්න පසුව තලාගත් එනසාල් දුරු එකතු කර කරගන්න. වැනිලා ස්වල්පයක් එක්තු කර පොල් පැණි  එක  නිවෙන්න තියන්න. පොල් පැණි  එක  නිවුණු පසු බිත්තර 1 එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු පිටි ටික ට බේකින් පවුඩර් එකතු කර පැණි  මිශ්‍රණට  දමන්න. හොඳින් කලවම් කරන්න. කලවම් කර කරගත් පිටි මිශ්‍රණයට පිටිවලින් තවරාගත් රටකජු , රට ඉඳි දමන්න. ඉන්පසු තැටියක් ගෙන එයට තෙල් කඩ කඩදාසි  කොල එලා, සාදාගත් මිශ්‍රණය දමන්න. 190සෙල්සියස් අංශක විනාඩි 25 - 30 අතර බේක් කර ගන්න. මේ වෙලාව අවන් එකෙන් අවන් එකට වෙනස් වේ. ටූත් පික් එකක් දමා බලන්න. දැන් ඔබට රසම රස පොල් කේක් කෑල්ලක රස විඳිය හැකිය. 

 මූලාශ්‍ර;

Comments

Post a Comment